Pages

Saturday, May 2, 2020


"නිල්දිය පොකුණේ රහස් සොයා "



රාවණ රජු විසින් සීතා දේවිය රැගෙන විත් සගවා තබුවේ යයි ජනප්‍රවාදයේ සදහන් "නිල්දිය පොකුණ "
මිනිස් වාසයකට පහසුවෙන් ගමන්කල නොහැකි අයුරින් අතිශයින්ම සුරක්ශිත අයුරින් සැදුම්ලත් මෙය අති විශාල සභා ශාලා දෙකකින් යුතු අතර අවසාන බැස්මේ ප්‍රතිපලය ලෙසින් නිල්දිය පොකුණ හමුවේ ..
කවුරුන් කෙසේ නිර්මාණය කරන්නට ඇත්දැයි නිශ්චිත සාධක හමු නොවුනත් මෙම නිර්මාණය ස්වභාව ධර්මයාගේ හෝ එසේත් නැත් නම් කිසියම් සුරක්ශිත අවශ්‍යතාවයක් වෙනුවෙන් නිර්මාණය කරන ලද්දක් දැයි අදහාගත නොහකි අන්දමේ අති විශිශ්ට නිමැවුමකි.
ජනප්‍රවාදයේ සදහන් වන පරිදි රාවණ රජු විසින් සීතා කුමරිය රැගෙනවිත් සගවා තැබුවා නම් මේ තරම් සුරක්ශිත මෙන් ම කුමරියකට ලැබිය යුතු සුකෝපබෝගී ම ස්තානය මෙය වනු නොවනුමානය...
මෙම ගුහාවට යම් කෙනෙකු ගමන් කරන්නේ නම් එය සුන්දර ගමනක් නම් නොවේ.. එක් පුත්ගලයෙකුට පමණක් ඇතුළු විය හැකි මට්ටමේ කුඩා විවරයකින් බැස්මක් සහිත ගුහාවකට ඇතුලු වී; කඹයක් ආධාරයෙන් සැලකිය යුතු දුරක් බැසීමෙන් අනතුරුව කුඩා සිදුරු ගල් බිත්ති සහ ලෙස්සා යා හැකි මැටි පොළෝ තීරය මතින් සැලකිය යුතු දුරක් ගමන්කල යුතුය. ආලෝකය බිදක් හෝ නොවැටෙනා පරිසරය කෙදිනක හෝ ආලෝකවත්ව පැවතුනා නම් ආලෝක පන්දම් බාවිතා කරන්නට ඇත. යන්තමින් හෝ පය ලෙස්සා ගියා නම් කුමක් සිදුවේ දැයි සිතාගනීමට වත් අපහසු දුශ්කර ගමනක් බව නම් අනිවාර්යෙන්ම කිව යුතුය.
මේ සියල්ල අවසානයෙ අප ළගාවූ ස්තානය නම් පොලෝ කුහරය තුළ නිර්මිත කර අති අපූර්වතම නිමවුමක් ම වන්නේ ය.. දිගින් මීටර් 100ක් පමණ වූත් උසින් හා පළලින් මීටර් 50 ක් පමණ වූත් අති විශාල සභා ශාලා දෙකක් හමුවේ .. රාජ සභාවක් උව පහසුවෙන් පවත්වාගෙන යා හැකි අති විශාල ශාලා ද්විත්වයක් වන එය සිවිලිමින් සරසණ ලද අලංකාර කැටයමින් යුත් නූතන දේශන ශාලාවකට සමානකම් කියයි..
ගුහාවේ පහළම කොටසේ ඇත්තේ නීල වර්ණ වූ මනස්කාන්ත පොකුණකි. මෙය "නිල් දිය පොකුණ " ලෙසින් හදුන්වනු ලබේ. ජායාරූපය තුළින් කුඩා ලෙසින් පෙනුනද මෙය විශාල ගැබුරකින් යුතු සුවිශාල පොකුණකි.
කෙනෙකු බියට පත් කිරීමේ අදහසක් නොවූවද කෙනෙකුට මෙහි ගමන් කිරීම අනුමත නොකරන අන්දමේ ගමනක් බව නම් අනිවාරයෙන් ම කිව යුතුමය.


video link👇
https://www.youtube.com/c/BMKTravel

පහසුවෙන් යා නොහැකි- සීරුවෙන් නිමාකලයුතු
"කොබෝනීලගල"


   අද්දැකීම වලින් පරිපුර්ණ ජීවිතය කොයිතරම් අර්ථවත් ද ? තාරුණ්‍යය අයාලයේ දියකර හරිනවාට වඩා එය අද්දැකීම් වලින් පරිපුර්ණ යුගයක් බවට පරිවර්තනය කරගන්නට ඇත්නම් එය කොයිතරම් අග්නේද ? කෙදිනක හෝ අපට ඉතිරිවන්නේ අප රැස්කරගත් අද්දැකීම්වල මතකයන් පමණි. ජීවිතය පිළිබද නැවත හැරී බලන්නට සිතුනු දවසක ඒ මතකයන් මුවගට සිනහවක්, සිතට අභිමානයක් ගෙන එන්නට සමත් වේ නම් අප කොයි තරම් වාසනාවන්තද ..
නූතන තාරුණ්‍යය සමාජජාල ඇසුර තුළින් නවමු අද්දැකීම් සොයා යන යුගයක; මුහුනුපොතේ මිත්රුත්වය සැබෑ ජීවිතයේ අද්දැකීම සොයා ගිය චාරිකාවක් පිළිබදව තමයි අද මගේ අද්දැකීම විවරණය.
විවේකයක් ලද සෑම අවස්ථාවකම දිය ඇල්ලක් , කන්දක් , දූපතක් සොයා යෑමේ පුරුද්දක් ඇති මට; හමුවූ තවත් එවැනිම සමාජජාල මිත්ර එකතුවක් තමයි “සොබාසිරි” සමූහය කියන්නේ.. අප වෙන් වෙන්ව ඇවිදීම ජීවිතය කරගත්තවුන් වන අතර මෙය තමයි අප එකතු වූ පළමු චාරිකාව.
මුහුණුපොත තුළ සාකච්චා කරගත් පරිදි රාත්රී 12ට කොටුව දුම්රියපොළ ළගට තමයි සියළු දෙනාම එකතුවෙන්න තීරණය කරේ. ගමන පිළිබදව කොයි තරම් උවමනාවක් , කුතුහලයක් තිබුණද කියනවා නම් මම රෑ 10.30 වෙනකොටත් කොටුව දුම්රියපල ළග . දැන් ඉතිං මොනවා කරන්නද .. ඔන්න ඉතිං පැයක් එකහමාරක් යනකොට එක්කෙනා දෙන්නා එන්න පටන්ගන්නවා . කිසිවෙක් හරිහැටි නොහදුනන මුත් ගමන්මලු සහ කුතුහලය මුසු හැසිරීම දැකපු ගමන් කියන්න පුළුවන් මේ අපේ ගමනයට සම්බන්ද වෙන අය තමයි කියන එක.
නියමිත වෙලාවට ගමන්රථයට ගොඩවුණු අප ; එකිනෙකා නොහදුනන නිසාත් , රාත්රිඅයේ වටපිටාව හරිහැටි නොපෙනෙන නිසාත් ; එලිය වැටෙනකම් පොඩි නින්දක් දාන්න ඕනේ කියලා සැරසුණා විතරයි. අහළ පහළ ඉදගෙන ඉදපු උදවියගේ පොඩි පොඩි මාතෘකාවල කතාබහක් හෙමි හෙමිහිට ඇහෙන්න ගත්තා. පැය බාගයක් යන්න උනේ නෑ . පොඩි පොඩියට ඇහිච්ච කතාබහ ලෝකය ගැන, මිනිස්සු ගැන, රටේ දේශපාලනය ගැන, අධ්යා පනය ගැන වගේ නානාප්රනකාර මාතෘකා ඔස්සේ තර්කානුකූල කතාබහකට පත්වුනා විතරක් නෙමෙයි පාන්දර එලිය වැටෙනකනුත් , ගමනාන්තය දක්වා ගොස් බස් රථයෙන් බසිනතුරුත් පොඩ්ඩක් ඇහැ පියාගන්න නම් හැකි උනේ නෑ.
අප එකිනෙකා වගේ ම අප අද තරණය කරන්නට සැරසෙන කදුවැටියත් හැමෝටම අළුත්. ඒ කියන්නේ අප අතරින් කිසිවෙකුත් මේ ගමන මින් පෙර ගිහින් නෑ කියන එක. ඒ තමයි දුම්බර කදු පන්තීන් අතර පිහිටි තවත් මනස්කාන්ත කන්දක් වන “කොබෝනීලගල”. බැලූබැල්මට මෙම කන්ද හස්තියෙකුගේ පෙනුමකින් යුතු නිසාවෙන් අවට ගම්වාසීන් නම් කොබෝනීලගල හදුන්වන්නේ “අලියා කන්ද” යන නාමයෙනුයි.
කොබෝනීලගල කදු පාමුලට යන ගමන් මාර්ගය විස්තර කරනවා නම් කොළබ සිට පැමිණෙන කෙනෙකුට මුළින්ම මහනුවර නගරය දක්වා පැමිණිය යුතුය . අනතුරුව මහනුවර- මහියංගනය මාර්ගයේ තෙල්දෙණිය නගරය දක්වා පැමිණ, තෙල්දෙණිය නගරය පසුවනවාත් සමගම වම් පසට වැටී ඇති උඩිස්පත්තුව හරහා රංගල නගරය දක්වා පැමිණිය යුතුය. ඉන් අනතුරුව රංගල නගරයෙන් දකුණු දෙසට වැටී ඇති තන්ගප්පුව මාර්ගයේ සැලකියයුතු දුරක් ගෙවා පර්ඩෙල් ගම වෙත පැමිණිය යුතුය. මෙය එතරම් පහසු ගමන් මාර්ගයක් නම් නොවේ. රංගල සිට තන්ගප්පුව මාර්ගය නම් ඒ අතරින් අතිශයින්ම දුශ්කර ගති ලක්ෂණ පිළිබිබු කරන බව නම් කිව යුතුමයි. දීර්ග කාලයක් පිළිසකර නොකරනලද මාර්ගයේ ඇත්තේ ජල පහරවල් නිසා සේදී ඉතිරිවූ බොරළුකැට පමණි. එහෙයින් යම් කෙනෙකු කෙදිනක හෝ මේ ගමන පැමිණීමට අදහස් කරන්නේ නම් ඒ සදහා සුදුසු වාහනයක් යොදාගත් යුතු බව අවධාරණය කල යුතුයි.
කොබෝනීලගල තරණය කරන්නේ නම් ගම්වාසී මර්ගෝපදේශකයෙකුගේ සහාය පැතීම ඉතාමත් සුදුසුය. එය අපි අද්දැකීමෙන්ම අත්වින්දෙමු. කන්ද තරණය කිරීමට නිසි මාර්ගයක් නොමැත. මාර්ගයක් එළිපෙහෙළි කරමින් ඝණ කැලාව පීරා ඉවෙන් මෙන් නිසි මග සොයා යන්නට පළපුරුදු මගපෙන්වන්නෙකු සිටීම අතිශයින්ම වැදගත් වේ.
පර්ඩෙල් කඩමන්ඩියෙන් උදෑසන අහර ලබාගත් අප ඉතා ඉක්මනින් කදුපාමුල වෙත ගමන් ගත්තේ කල් වෙලා ඇතිව නැවත පැමිණීමේ අදහසිනි. උදෑසන 6ට පමණ තරණය ආරම්භ කළ නිසාවෙනුත් කොබෝනීලගල මීටර් 1556ක පමණ උසකින් යුත් කදු ශිකරයක් වීම හේතුවෙනුත් දහවල් 12 වන්නට මත්තෙන් නැවත කදු පාමුලට පැමිණීම අපගේ අපේක්ෂාව විය. .. නමුදු එය අප සිතූ තරම් සොදුරු තරණයක් නම් නොවීය. කණ්ඩායම තුළ සිටි ගැහැණු ළමුන් පවා නිරන්තරයෙන් කදු, දියඇලි තරණයන් තුළ අද්දැකීම බහුල අය උවත් මේ ගමන නම් කිසිසේත්ම අපේෂා කල අන්දමේ ගමනක් නොවන බව බැලූ බැල්මට ම පෙනෙන්නට විය. මං පෙන්වන්නා සිය මුවහත් පිහි තලයෙන් මග එළිකර දුන්නද; ගහකොලවල දැවටුණු දෑත් නිරන්තරයෙන් ම ගෙනදුන්නේ සියුම් වේදනාවකි. වරෙක අප හට ඉහළට නැගීමට සිදුවූයේ අංශක අනූවක තරම් වූ බෑවුමකිනි. එකිනෙකාගේ දෑත් අල්වා ඉතා අපහසුවෙන් එවැනි ස්ථාන තරණය කරන්නට සිදු විය. මෙවැනි කදු තරණයකදී එකිනෙකාගේ සහයෝගය කොයි තරම් නම් පිටුබලයක් ලැබෙන්නේ ද යන්න අපි හොදාකාරවම අත් වින්දෙමු.
මුළු කදුගැටයටම දර්ශන තලයන් හමු වූයේ එකක් හෝ දෙකක් පමණි. නමුත් ඒ කිසි තැනෙක එක විනාඩියකට හෝ රැදෙන්න අවකාශය නොවූයේ කන්ද නැගීම ආරම්භයේ සිට අවසානය දක්වා ම කූඩැල්ලන්ගෙන් නම් කිසිදු අඩුවක් නොවූ හෙයිනි. එහෙයින් හමුවන දර්ශන තලයන් තුළ පවා රැදී සිටීමේ භාග්යහ අපට අහිමි විය. එය ඔවුන්ගේ පාරාදීසයයි. අපි ඊට ආගන්තුකයින් වීමු.
කොබෝනීලගල දුෂ්කරතා රැසක් මතුවූ තරණයක් උවද; අප ලද අද්දැකීම සමග ගත්කළ ඒ සියළු දුෂ්කරතා ඇත්තේ පිටුපසිනි. තුරුලතා සෙවන යට ගමන්කළ හැකි ශිඛරයන් ඇත්තේ ඉතා අල්ප වශයෙනි. ඝණ හිරු රැස් බිදක් හෝ නොවැටෙනා අයුරින් අප වසා සිටි වෘක්ෂ ලතාවෝ කොබෝනීලගල කදු තරණය අප සිත් තුළ මනස්කාන්ත මතකයන් රැස්කරලීමට සමත් විය. කදු මුදුනේ නිසි දර්ශන තලයක් නොවූවද, ඇති කුඩා බිම්කඩ සිට දුම්බර කදුවැටියේ ඈත කෙළවර දක්වා පෙනෙන දර්ශනය ඉතාමත් මනස්කාන්ත වේ .
යම් දිනයක කිසිවෙකු හෝ කොබෝනීලගල තරණය කරන්නට අදහස් කරන්නේ නම් දුෂ්කරතා සහ අභියෝග වලට මුහුණදීමේ සූදානමින් පැමිණිය යුතුය. දුෂ්කර බෑවුම් සහිත මගක් ඔස්සේ ගමන් කිරීමට සිදුවීම, කූඩැල්ලන් බහුල වීම, කන්ද තරණය සදහා නිසි අඩි පාරක් හෝ නොමැති වීම යනාදී කරනා හේතුකොටගෙන කදු නගින්නන් අතර මෙය ජනප්රිකය නොවීමට හේතු වී තිබේ. නිසි දර්ශන තලයක් හෝ කදවුරු බිමක් කොබෝනීලගල කන්ද තුළ නොමැති හෙයින් කදවුරු බදින්නන් ද මින් ඈත්වී සිටීමට හේතු වී තිබේ. නමුත් සංචාර ජීවිතය කරගත් අපට නම් “කොබෝනීලගල” සැගවුණු පාරාදීසයක් බදු විය. ඒ තුළ වූ කුතුහලය, ලද අද්දැකීම , දැනුණු හැගීම කෙසේ නම් වචන වලට පරිවර්තනය කරන්නද...
කන්ද පහළට පැමිණීම මාර්ගය සොයා යන තරම් අපහසු නොවූවද ; කදුපාමුලට පැමිණෙන විට සවස් වී තිබිණි. වියලි ආහාර සහ ශක්තිජනක ආහාර අප රැගෙනගිය නිසාවෙන් කුසගිනි නොදැනුනද ගතට නම් දැනුනේ විඩාබර ගතියකි. කදු පාමුල සිට පර්ඩෙල් කඩමණ්ඩිය දක්වා නැවත පැමිණෙන ගමනේදී අප මගපෙන්වන්නා ගමන් කලේ උදෑසන පැමිණි මාර්ගය නොව; පහත් බිම්කඩක් ඔස්සේ ගමන්ගත් වෙනත් මාර්ගයකි. මද වෙලාවකින් ඔහු අප විශ්මයට පත්කර හමාරය. කුඩා වූ නමුත් මනස්කාන්ත දිය ඇල්ලක් අප ගමන්මග ආසන්නයේ දිස්වන අපූරුව. .. ගමනේ විඩාව දුරුවන තුරු අපි දිය ඇල්ලේ පහස ලද්දෙමු. අනතුරුව පර්ඩෙල් කඩමණ්ඩිය දක්වා පැමිණි අප උණු උණු පොල් රොටී සමග තේ පානය කල අතර අලංකාර වූ පාරසරික වටපිටවකට සමුදී ගමෙන් පිටත් වන විට හිරු අවරට යමින් පැවතුණි.
අප ජීවිතය විදිය යුතුය. මේ රටේ තාරුණ්යනය පරිසරය සමග ඒකාත්මික විය යුතුය. අප ලද්දේ එවන් අද්දැකීම සමුදායකි. කෙනෙකුට එය මූල්ය මය අගයකින් මැනිය නොහැක. නවමු තාක්ෂසණය සමග සමාජජාලගත විය යුත්තේ පාරසරික බැදීම් සමගිනි. නමුත් කිසිම දිනෙක මේ නොයිදුල් පරිසර පද්දතිය විනාශ කරන්නෙකු බවට පත් නොවීය යුතුය.. එය ඔබේත් මගේත් යුතුකමක් මෙන් ම වගකීමක් ම ලෙස සලකමු.


video link👇
https://www.youtube.com/c/BMKTravel




"තරු පිපෙන ඒ අහස - මහ රෑට ලස්සනයි"
👇
https://www.youtube.com/c/BMKTravel


...
නාගරික ජන ජීවිතයේ බිත්ති සතරට සිරවී සිටින ඔබ නිරන්තරයෙන් ම හුදකලා පාරසරික වෙනසක් අපේක්ෂා කරනු නොවනුමානය. හුදකලාව ජීවිතයේ අපූර්වත ම සිතුවිළි අවදි කරවයි. එදිනෙදා ජීවිතයේ සියළු අවශ්යරතා අතට හසුවන මානයේ ජීවත් වන අප සැබෑ ජන ජීවිතයේ පතුල බැලීමට ඇත්තේ කුතුහලයකි. “බත්තලන්ගුන්ඩුව” දූපත පිළිබදව ඔබේ අවදානය යොමුකරලන්නේ එහෙයිනි.
බත්තලන්ගුන්ඩුව යනු ලංකාවේ වයඹදිග මුහුදු තීරයේ පිහිටා ඇති, කි.මී 8ක පමණ වපසරියකින් යුත් දූපතකි. කි.මී 2ක පමණ භුමි ප්ර දේශයක පවුල් සියයකට ආසන්න ප්ර මාණයක් ජිවත් වන , අන් සියළු භූමි ප්ර‍දේශයන් තුළ කිසිදු ගහක් හෝ නොවැඩුණු හුදකලා වැලි ස්තරයකින් සැදුම්ලත් අපූර්වතම පාරසරික පද්දතියකි. සිංහල - දමිළ ජාතීන් දෙපිරිසම සහයෝගී ලෙස ධීවර කර්මාන්තය සිය මුළික ජීවනෝපාය කරගනිමින් ජීවත්වන දූපත්වාසීන්ගෙන් බහුතරය කිතුණු භක්තිකයන් වේ.
බත්තලන්ගුන්ඩුව දූපත වෙත එක් වරක් හෝ යා යුත්තේ ඇයි දැයි ඔබට සිතෙනු ඇත. යම් දිනක ඔබ ඔබේ සිතිවිළි හුදකලා බිම්කඩක අතරමං කර තිබේ ද? ගිනියම් වූ ජීවන චක්ර යක පැටලී සිටින අපට; මානසිකව පීඩාවිදින සිතිවිළි පසෙකින් තබා , අනන්ත වූ ආකාශය දෙස බලා රැයක් පහන්කරන්නට ඇත් නම් ... කොයි තරම් අග්නේ ද? එය ලෞකික ජීවිතයක් හිමි ඔබේත් මගේත් සිතෙහි ඇති අපේක්ෂාවක් නොවන්නේද? එසේ නම් හුදකලා පාරසරික වෙනසක් අපේක්ෂා කරන ඔබ යා යුතු නිවැරදි ම තැන් අතරින් එකක් බවට “බත්තලන්ගුන්ඩුව” පෙරමුණේ සිටී.
ඔබ බත්තලන්ගුන්ඩුව වෙත යෑමට අදහස් කරන්නේ නම් උදැසන 7.30 පමණ වනවිට වත් කල්පිටිය නගරය වෙත ළගාවිය යුතුය. කල්පිටිය ජැටියෙන් පොදු මගී ප්රයවාහන බෝට්ටුව පිටත් වනුයේ උදෑසන 8.30ට පමණය. නමුත් ඊට ප්රරථම සිදුකලයුතු කාර්යයන් කිහිපයක් ම ඇති නිසාවෙන් කල් වෙලා ඇතිව කල්පිටිය නගරය වෙත පැමිණ සිටීම සුදුසු වේ.. දූපත තුළ පිරිසිදු ජලය සොයාගැනීම අපහසු නිසාවෙන් ගමනට ප්රාමාණවත් තරම් ජලය රැගෙන යායුතුය. ඊට අමතරව ප්ර මාණවත් තරම් ආහාර ද්රමව්ය ය මෙන්ම ප්රසථමාධාර කට්ටලයක් වුව රැගෙන යන්නේ නම් අගනේය.. දූපත තුළ කඩ කිහිපයක් ඇතිමුත් ප්රකවාහන දුෂ්කරතා හේතුවෙන් එහි මිලගණන් තරමක් ඉහළ බවකින් යුක්තය.


බත්තලන්ගුන්ඩුව බලා යන බෝට්ටුවට නැගීමට ප්ර.ථම එහි ගමන්ගන්නා සියල්ලන්ගේම තොරතුරු ජැටියේ සිටින නාවික හමුදා නිලධාරි මහතා වෙත ලබාදීම අනිවාර්ය වේ. ආරක්ෂාක හේතුන් මත සහ හදිසි අපදා තත්වයක් ඇතිවුවහොත් යන කරනා ද්විත්වය මත මෙය සිදුකරන බව එම නිලධාරී මහතා දිනක් අපහට පැවසූ බව මතකය..
මෙය පැය දෙකක හෝ තුනක පමණ මුහුදු ගමනකි. කල්පිටිය කලපුව ඔස්සේ විල්පත්තු වන පියස දිස්වන මායිමෙන් යන මේ ගමන අපූර්ව අද්දැකීමක් බව නම් කිවයුතුමය.. කුඩා දූපත් පසුකරමින් සෙමෙන් ඈතට ඇදීයන බෝට්ටු ගමනේ දී දිනක් මට හමුවූ වයස අවුරුදු 18ක 20ක පමණ වයසේ පසුවෙතැයි සිතිය හැකි මට්ටමේ තරුණයෙකු සමග යෙදුණු කතාබහක් මගේ මතකය අවදි කරයි.
“මල්ලි ඇයි බත්තලන්ගුන්ඩු යන්නේ” මම නිකමට මෙන් ඔහුගෙන් ඇසීමි.
“ රස්සාවේ යනවා”
එය මට තරමක් නුහුරු පිළිතුරක් වූ නිසාවෙන් “රස්සාවේ යනවා කියන්නේ” යැයි අසා ඔහුගෙන් පිළිතුරක් අපේක්ෂා කලෙමි.
“රස්සාවේ යනවා කියන්නේ මූදු රස්සාවේ යනවා , මාළු අල්ලන්ඩ. “
“ඉතිං මල්ලි මේ රස්සාව කොහොමද? හොදයි ද?” මම නැවතත් ඔහුගෙන් ඇසුවෙමි.
“පොඩ්ඩක් අව්වේ ඉන්ඩ උනාට මූදු රස්සාව තරම් හම්බකරන්ඩ බෑ වෙන මොකකින් වත්. දැන් අයියලාගේ පඩිය කීයද ... බොරුවටනේ අයියලා කොළබ රස්සා වලට යන්නේ. මාසයක් වැඩ කරලත් විසිදාහයි - තිස්දාහයි. අපි එක දවසට ඒ ගාන හොයන දවස් තියෙනවා . ඩිංගි බෝට්ටුවකට එහෙම සෙට් උනොත් ලක්ෂ දෙක තුනෙන් එහා මිසක් අඩු නෑ. ඔයාල කොළබ ඉදලා මාසයක් හම්බකොරනවට වඩා මූදු රස්සාව කොච්චර හොදද.. “
ඒ නාගරික ජන ජීවිතය පිළිබද ඔහුගේ ආකල්පයයි. ජීවිතය යනු මුදල් ම නොවනවග මා දනිතත් ඒ පිළිබදව ඔහු සමග තර්ක කිරීම නිෂ්ඵල ක්රිනයාවක් ලෙස හැගුණු නිසාවෙන් ඔහුගේ වචන වලට පිළිතුරු සැපයීමට නොගියෙමි.. බත්තලන්ගුන්ඩුව චාරිකාව තුළ මෙවර මා සම්බන්ද වූයේ "සරිසරන්නෝ" සමූහජාල එකතුව සමගිනි. ඔවුන් මෙම ගමනට මා හට විශාල සහයෝගයක් වූ බව අමතක කලයුතු නොවේ.
...


දූපත අභ්යින්තරය තුළ කිසිදු ප්රහවාහන පද්දතියක් නොමැත . කුඩා පොලීසියක්, නාවික හමුදා කදවුරක් සහ පාසලක් දූපත තුළ තිබුණද පාසැල තුළ ඉගැන්වීම් ක්රිකයාවලිය නිසි අයුරින් ක්රි යාත්මක නොවන දූපත් වාසීන්ගෙන් දැනගන්නට ලැබුණි. දූපත තුළ පිහිටි නාවික හමුදා කදවුර එහි යන සංචාරකයන්ගේ ඕනෑම හදිසි අවශ්යපතාවයකදී පිහිටක් ලබාගත හැකි වැදගත්ම ආයතනයයි. නාවික හමුදා කදවුර සතුව නවීන යාත්රාක පවා ඇති බැවින් ආරක්ෂානව සම්බන්දයෙන් හෝ හදිසි ආපදාවකදී වුව කිසිදු බියක් ඇතිකර ගැනීමට අවශ්ය ය නැති බව කිව හැකිය.
දූපත තුළ දවස ගතකරන්නෙකුට දවසේ අකර්ෂණීය ම කාලය සැදෑ කාලයයි. අවර හිරු වළාවන් සමග මුසුවී නගන රත් පැහැය; මම අන් කවර තැනකටත් වඩා අලංකාරව “බත්තලන්ගුන්ඩුව” තුළ දුටුවෙමි. හුදකලා පරිසරයේ රෑන්පිටින් පියබායන පක්ෂිග නාදයන් හැරුණුකොට එහි ඇත්තේ අප නාගරික ජීවිතය තුළ කිසි දිනක නොවිදි නිස්කලංක බවකි. විඩාබර දවසක නිමාව තව තවත් අර්ථවත් ලෙස විදින්නට නම් දූපත තුළ රාත්රිියක් ගතකළ යුතුමය . වෙරළ අද්දර කූඩාරමක් අටවා රාත්රීත සිසිලස ගිනිමැලයකින් උණුසුම් කරලමින්; ඉමක් නොපෙනෙන තාරකා රාශීන් දෙසැ බලා සිටින්නට සුදුසු ම ඉසව්ව මෙය බව අවිවාදයෙන් ම කිව හැකිය.
දකින්නට ඇත්තේ අප ගොඩනගාගත් චිත්තසන්තානය පමණි. කෙදිනක හෝ අප අනාගතය වෙත රැගෙන යන්නේ අප ලබාගත් අද්දැකීම් වල මතකයන් පමණි. රුදුරු සමාජතලයක ජීවත්වන ඔබ; හුදකලා පාරසරික වෙනසක් සමග ඒකාත්මික වනු කැමති නම් “බත්තලන්ගුන්ඩුව” ඔබ එනතුරු බලා සිටී..








Friday, May 1, 2020

කටුක ගමනක - සොදුරු මතකය "බුමර ඇල්ල"



මෙය මා ජිවිතයේ අත්විදි භයානක ම තරණයයි. ජීවිතයත් මරණයත් අතර දෝලනය වූ එය; මට වචනයෙන් විස්තර කල නොහැකි තරම් වූ සිදුවීමකි. අපට නැවත පැමිණිය හැකි වෙතයි හෝ මෙසේ ඒ පිළිබද සටහනක් තැබීමට හැකිවෙතැයි හෝ නොසිතෙන තරමට අප සිටියේ ජිවිත අවදානමකිනි.
සිදුවීම කෙසේ ලියන්නට දැයි අදහසක් නොමැත. එත් සම්පුර්ණ ගමන කෙටියෙන් මෙසේ විස්තර කරන්නට අදහස් කරමි. සොබාසිරි සමුහය මගින් “ගලපිට ගල” තරණය කරන වබ සදහන් වුයෙන් මම ද එයට එක් වූයෙමි. රාත්රීබ 12ට පමණ කොලබින් පිටත් වූ අප උදෑසන වන විට කලුපහනට ළගා විය. ගලපිටගල තරණයට යා යුත්තේ පුත්ගලික වතු යායක් මැදින් වීම හේතුවෙන් ඊට මූලික අවසරය ලබාගත යුතුය. කල්වේලා ඇතිව අවසරය ලබා සිටි අප ගලපිට ගල තරණය කරන්නට විය. 30ස් දෙනෙකුට ආසන්න පිරිසකගෙන් සමන්විත වූ අප කණ්ඩායම උදැසන 8 .00 වන්නටත් මත්තෙන් ගලපිට ගලට ළගාවූ අතර කල් වේලා ඇති නිසාවෙන් , වෙන කලයුත්තක් ද නොවුයෙන් තවත් කන්ද ඉහළට ගොස් කන්ද උඩින් ඇති මාර්ගයේ තානායම දෙසින් පහළට පැමිණීම අරමුණු කරගනිමින් කදු මුදුනටම පැමිණි අතර එය අප සාමාජිකයන්ට තරමක් දුෂ්කර කාර්යක් වූ නිසාවෙන් තවත් ඉදිරියට නොයා යුතු බව ඔවුන්ගේ අදහස විය. ඒ හේතුවෙන් අප තිදෙනෙකු හැර අන් සියළුම දෙනා අඩිපාර ඔස්සේ පහළට පිටත්කර හරින ලදී.
අදාළ සිදුවීමට මුළ පුරන්නේ ඉන් අනතුරුවයි. ගලපිට ගල ඇති කදු මුදුනේ ඉහළ සිට බැලුවිට පහළින් පෙනෙන නාරන්ගොල්ල ඔයේ “නාගදෝව” ඇල්ලට ඉහළින් “බුමර” ඇල්ල ඇතුළු තවත් ඇලි 6ක් පමණ දිස්වේ. රන්ශාන්, මලිත් සහ මාගේ අරමුණ වූයේ පහළ ඇති දිය ඇලි දක්වා ගොස් නාරන්ගොල්ල ඔය දිගේ පහළට පැමිණීමයි. වෙලාව දහවල් 12 .30 පමණ වූ නිසාත් මෙවැනි ගමන් ඕනෑතරම් ගමන්කර ඇති නිසාත් ගමන පිලිබදව එතරම් තැකීමක් නොවීය.
අපි තිදෙනා කදුගැට කිහිපයක් මතින් පහළට බැසීම ආරම්භ කළෙමු. ඝණ මාන කැලෑව පීරා ලදුකැලා අතරින් ගමන් කළෙමු. අපි සිතුවාට වඩා ගමන වෙහෙසකර විය. බැලු බැලු අත දිස්වූයේ ප්රිපාතයයි. හෙල් අතරින් පහළට පැමිණි අපහට නැවත ඒ දෙසින් ඉහළට නැගීමට සිතන්නට වත් නොහැක. ඒ තරමටම අප පැමිණි මග දුෂ්කරය. එකම විසදුම නම් කෙසේ හෝ පහළට පැමිණ නාරන්ගොල්ල ඔය ඔස්සේ ගම්මානය දෙසට පැමිණීමයි.
අප ගමන්කළ සැම පෙදෙසකම වූයේ මීටර් 200ක් 300ක් තරම් වූ අංශක 90ක තරම් වූ දැවැන්ත ප්රගපාතයයි. එය මග හරින්නට තව තවත් ඉදිරියට යන අප හට හමුවන්නේ තවත් එවැනිම ප්රූපතයකි. එය මගහරින්නට තව තවත් යෑමට සිදුවේ. නමුත් එහි ද වූයේ අති දැවැන්ත ප්රවපතයකි.. එවැනි ස්ථාන 10කට වඩා අප මගහරින්නට ඇත. ආඩි 200ක තරම් වූ බෑවුමක් ඉදිරියේ අගල් 10කට ත් අඩු පටු තීරුවක අපට ගමන් කරන්නට සිදුවූයේ කරකියාගත නොහැකි නිසාවෙනි. ගල් මත වැවී ඇති කුඩා පදුරු අල්ලා හෙල දෙස අංශු මාත්රටයක් වත් නොබලා අප ගමන් කරේ නියත වශයෙන්ම පහළ බැලුවේ නම් සිත තුළ වූ ධ්ය් ර්ය ගිලිහි ඒකාන්ත වශයෙන්ම දෙපා වාරුව ගිලිහී යනු දැනුනු හෙයිනි. අපට වෙන විකල්පයක් නොවූයෙන් ගමන්කලයුතු එකම ක්රවමවේදය වූයේ එය පමණකි.
සවස 3.30 පමණ වන විටත් දිය පහරට බැසීමට ස්ථානයක් නොවූ අතර අපට දිය පහර සමග සමාන්තරව ගමන්කිරීමට සිදුවිය. පහළට බැසීමට හැකි හමුවූ එකම බෑවුම අඩි 20ක තරම් වූ ස්ථානයකි. පහළට ඇදී තිබූ වැලක් අධාරයෙන් සහ පදුරු කිහිපයක් සීරුවෙන් අල්වා එම ස්ථානයෙන් දිය පහර වෙත බැසීමට විනාඩි 30ක පමණ වැයමක් දැරීමට සිදුවිය.. 4.10 පමණ වන විට අපි ඇල්ල කරා පැමිණියෙමු. . “බුමරු ඇල්ල” ඉහළ ඇල්ල සහ පහළ ඇල්ල වශයෙන් කොටස් දෙකකින් ඇදහැලෙන ඇල්ලකි. . දලවශයෙන් අඩි 25ක් සහ අඩි 20ක් පමණ වේ. . ගලපිට ගල සිට ඇලි දෙක ම පැහැදිලිව දිස් උවද කිසිදු පුත්ගලයෙකු කිසිම දිනක මෙම ඇල්ල ළගට නම් පැමිණ නැති බව අනිවාර්යෙන්ම කිව හැකිය. තවත් කුඩා දිය ඇලි 17ක් පමණ අපට දිස් වූ අතර දිය ඇලි 20කට වඩා මේ අශ්රිටතව ඇති බව නිගමනය කල හැකි වේ. . පහළින්ම ඇති නාගදෝව ඇල්ල සහ බුමර ඇල්ල අතර තවත් කුඩා දිය ඇලි 7කට ආසන්න ප්ර‍මාණයක් ඇති අතර ගම් වැසියන් උව පැමිණ ඇත්තේ පහළින් ඇති දිය ඇලි පහකට සහ කදුවැටි ඉහළින් ඇති මාර්ගයක පැමිණිය හැකි දිය ඇලි කිහිපයකට පමණි. ගලපිටගල සිට බුමර ඇල්ල පැහැදිලිව දිස් වුවද ඒ වෙත මෙතෙක් ගමන්කළ කිසිවෙකු පිළිබද සාදක හමු නොවේ. අප ගමන්කළේ කිසිදු මාර්ගයක් හෝ නොමැති ජීවිතයත් මරණයත් වෙන් වෙන්ව හදුනාගත නොහැකි ගමන් මගකය.එය අප සිතාමතා සිදුකළ පැමිණීමක් නොව කරකියාගත නොහැකිව සිදු වූ සිදුවීමකි. අපට නැවත හැරීමක් නොතිබුණු අතර එකම විකල්පය ලෙසින් පෙනුනේ දිය පහර වෙත පැමිණීම පමණි.
කැමරාව සහ ජංගම දුරකතනයක් වුව ගමන් මල්ලෙන් පිටතට ගැනීම හැකි වූයේ ඇල්ල වෙත පැමිණීමෙන් අනතුරුවය. දිය පිපාසයෙන් සහ අධික වෙහෙසින් සිටි අප හට ඇතිවුයේ අපමණ සතුටකි. රන්ශාන් අයියා සහ මලිත් දිය නෑමට දියට බට අතර මගේ අරමුණ වූයේ මෙතරම් වෙහෙසක් ගෙවා පැමිණි ගමනේ අරමුණ වූ බුමරු අල්ලේ ජායාරූප කිහිපයක් ගැනීමයි..
අප දිය ඇල්ල අසල රැදුනේ විනාඩි 20කටත් අඩු කාලයකි. අපිදිය පහර දිගේ පහළට පැමිණීමට තීරණය කළෙමු. අපට ගමන්කිරීමට හැකි වූයේ මීටර් 70ක ටත් අඩු දුරකි. පහළ සිට හෝ ඉහළ සිට කිසිසේත් දිය පහර තරණය කල නොහැකි දැවැන්ත ප්රරපාතයකින් දිය පහර දිගේ පහළට යෑමේ අප අරමුණ සහමුළින්ම බිද වැටුණි. කළහැකි දෙයක් සිතා ගැනීමට හෝ නොහැක. ජංගම දුරකථන හෝ සක්රිමය නොවේ.
නැවත කදුබෑවුමක් තුළින් අපි ඉතා අමාරුවෙන් කදු ගැටයකින් නැවත ඉහළට ගොඩවීමට යෙදු උත්සාහය වැරදි ගියා නම් කෙනෙකුට සොයා ගැනීමට වත් නොහැකි තරම් ප්රැපාතයක අපේ ජීවිත සදාකාලිකවම නිහඩ වනු නොවනුමානය. ඉන් ඉහළට වූ ගමනද පැදුරු සහිත කදුගටයක් ඔස්සේ අවදානම පෙනි පෙනී ඉහළට ගමන් කිරීමක් විය. දෑත් සහ දෙපා බිම තබමින් බඩගාමින් ගමන් කළෙමු. දෑත් වල නියපොතු අතරින් පැමිණි ලේ බිදු වියලී ගොසිනි. මාන පදුරු ලදු කැලෑ මත වැදී සීරුණු මුළු ශරීරයම ගෙන දුන්නේ දැඩි වේදනාවකි. දිය බිදක් හෝ නොමැත. එකිනෙකා සමග උව කථාකරගත නොහැකි මට්ටමේ අප සිටියේ අදික දුර්වල බවකිනි. ජිවිතයේ ඕනෑතරම් කදු තරණය කර ඇත. කිසිදු බියකින් හෝ තැතිගැන්මකින් තොරව ඕනෑම අභියෝගයක් අප බාරගන්නේ නිරායාසයකිනි. නමුත් මෙය කිසිසේත් එවැනි ගමනක් නම් නොවේ. ආපසු හැරීමක් හෝ අප බලාපොරොත්තු වූ කිසිදු විකල්පයක් සාර්ථක නොවීය.
රාත්රි ය උදාවිය සතරවටම ඇත්තේ හෙල සහ ගල් බෑවුම් පමණි.අප සමග පැමිණ බස් රථය දක්වා ගමන්කළ සියල්ලෝ ද බිය වී ඇති බව නිසැකය. කදු මුදුනේ ඇති ගස් ගොන්න දෙසට පැමිණීම අරමුණු කරගනිමින් බිම බඩගාමින් සෙමෙන් ඉහළට ඇදුනෙමු. කන්ද මුදුනට තරමක් දුරට ළගාවන විට දුරකථන පතිචාර කෙමෙන් සුපැහැදිලි වූ අතර නිරෝෂන් සහ මදුශංක යන අනෙකුත් සොබාසිරි සාමාජිකයන් දෙදෙනා වෙත අප කදු මුදුනේ ඇති ගස් ගොන්න දෙසට පැමිණෙන බව දැනුම් දීමට හැකි විය.. රාත්රීා 8 පමණ වන විට අපට තවදුරටත් ඉදිරියට යෑමට නොහැකි තරමින් දැනුනේ අපහසුවකි.. කිසිදු ආලෝකයක් හෝ නොවූ අතර ජල බිදක් හෝ කිසිදු අහරක් නොමැතිකමින් අපි අතිශයින්ම දුර්වලවී සිටියෙමු.
පදුරු අතර දිගා වී නැගිට ගැනීමට කායික ශක්තියක් මෙන් ම මානසික ශක්තියද පිරිහී තිබුණු හෙයිනි. . ටික වෙලාවකට පසුව කන්ද දෙසින් විදුලි පන්දම් ආලෝකයක් දිස්වූ අතර අප ජංගම දුරකථන ආලෝකයෙන් අප සිටිනා ඉසව්ව ඔවුන්ට සැල කළෙමු. එලෙස නිරෝෂන් සහ මදුශංක අප සොයා එන තුරු අප හට අඩියක් හෝ ඉදිරියට ගමන්කළ නොහැකි තරම් විය. ඔවුන් දෙදෙනා ගෙනා වතුර පානය කර ගෙනා ආහාර ගන්නා තුරුත් අප තිදෙනාට කථාකරගත හැකි වූයේ වචන කිහිපයක් පමණි.
පැය බාගයකට පමණ පසුව නිරෝෂන් සහ මදුශන්කගේ සහයෝගයෙන් වාහනයක් ගමන්කළ හැකි දුරක් දක්වා ගොස් වාහනයකින් ප්ර ධාන පාරට පැමිණියෙමු. අප සිටියේ දැඩි මානසික බිදවටිමකිනි.. නැවත නැවතත් සිහිගැන්විය හැක්කේ අප ජිවිත ප්රාපතයන් තුළට ඇද නොවැටී රැදී තිබුණේ හාස්කමකින් විය යුතු යැයි හැගීමකි. සියල්ලන් බියවී ඇති බව දන්නා නිසා අප තුළ වූ පීඩනය සැගවීමට උත්සහ කළමුත් එය සාර්ථක වෑයමක් වූයේ දැයි නොදනිමු. කිසිවෙකු කිසිම දින මෙම ගමන නම් උත්සහ කළයුතු නැත. ගලපිට ගල කන්දේ සිට බුමරු ඇල්ලේ ඇති සුන්දරත්වය ඇල්ල වෙතට ගමන් කිරීමේදී නම් කිසිසේත්ම නොමැත. කොටින්ම කියතොත් එය අත වනන්නේ ‘මරණයට’ පමණි. එය ඒ තරමටම සුළුකොට සිතිය හැකි ගමනක් නම් නොවේ.
*සැ.යු. මෙහි සදහන් ගමන් මග ඔස්සේ ලෙහෙසියෙන් ගමන්කළ හැක්කේ 'ගලපිට ගල' දක්වා පමණි.. GPS දත්තයන් නොමැතිව දිය ඇල්ල සොයා යෑම අතිශයින්ම අනතුරුදායකය..